My favorites | Sign in
Project Home Downloads Wiki Issues Source
Project Information
Members
Featured
Downloads
Links

Firefox Add-on to convert Sinhala Non Unicode Text to their Unicode equivalents. Customized to view mirisa.org , Lakbima.lk , Lankadeepa.lk , HotHotLanka , GossipLankaNews, Lankaenews.com and LankaScreen.com. No need to install non-unicode Sinhala fonts any more if your PC supports Sinhala Unicode. Please report any more sites to be supported by this add-on to be added with unicode support in the comments. UCSC - Sinhala Unicode Converter was an inspiration for creating this add-on. http://code.google.com/p/siyabasscript/downloads/list

අන්තර්ජාලය හරහා ලෝකය එන්න එන්නම සම්බන්ධිත හා විවෘත වෙනවා.තමන්ගේ වෙබ් අඩවිය නැරඹීමටනම් අර ෆොන්ටය තිබිය යුතුයි, මේ බ්‍රවුසරය පමණක් භාවිතා කළ යුතුයි කියන්නට තව දුරටත් වෙබ් සංවර්ධකයන්ට බෑ. සෑම දෙයකදීම පොදු සම්මතයන් භාවිතා කරනවා. නමුත් සමහර ශ්‍රී ලාංකික අඩවි නම් තවමත් මෙය තේරුම් අරගෙන ඇති බවක් පෙනෙන්නේ නෑ. තවමත් යුනිකෝඩ් සම්මතය භාවිතා නොකරන ජනප්‍රිය සිංහල වෙබ් අඩවි තිබෙනවා.මේ අඩවි වලට පිවිසෙන්න නම් යම් නිශ්චිත ෆොන්ට හා බ්‍රවුසර පමණක් භාවිතා කළයුතු වෙනවා.මෙම අඩවි නිර්මාපකයන්ට මෙම සරල සංකල්පය අවබෝධ වන තෙක් ඒවායේ පාඨකයන් මුහුණ පාන කරදරය මඟ හරවා ගැනීමටයි මොසිලා ෆයර්ෆොක්ස් සඳහා සියබස්සරණ ඇඩෝනය නිර්මාණය කරන ලද්දේ.

පහත සංස්කරණය කළ නවතම සබැඳුම මගින් ඔබට එය බාගත හැකියි. සබැඳුම

දැනට මෙමගින් ලක්බිම, මිරිස, ලංකා ඊ නිව්ස්, ගොසිප් ලංකා, ලංකා ස්ක්‍රීන්, හොට් හොට් ලංකා යන අඩවි අපහසුවකින් තොරව නැරඹිය හැකියි.මෙම පහසුකම අවශ්‍ය තවත් වෙබ් අඩවි ඇත්නම් මට දන්වා එවන්න.මෙම ඇඩෝනයේ ගුණ අගුණ ඇතුලත් ඔබේ අදහස් මෙය තවදුරත් වැඩි දියුණු කරගන්නට ඉවහල් වෙවි.

මෙය තැනීම සඳහා යුනිකෝඩ් එසැණින් පරිවර්තකය සහ හිරන්ත සිතිර අබේසේකරගේ සිංහල පරිවර්තකය ගුරු කොට ගත් බව වෙසෙසින් සඳහන් කළයුතුයි යාවත්කාලය: මෙහි නවතම සංස්කරණය ෆයර්ෆොක්ස් 4.0 තෙක් භාවිතා කළ හැකි අතර ලංකාදීප අඩවිය සඳහා ද සහයෝගය දක්වයි.

source: http://galpotha.wordpress.com/2009/12/09/යුනිකෝඩ්-නොවන-සිංහල-අඩවි

ඔබ Google Chrome නවතම සංස්කරණයක් භාවිතා කරනවානම් සියබස්සරණ Google Chrome බ්‍රවුසරය සඳහාත් Extension එකක් ලෙස පිහිටුවාගන්නට පුලුවන්. සබැඳුම හරහා බාගෙන අත් හදා බලා ගුණදොස් කියන්න.

Powered by Google Project Hosting